සිද්ධිය පරණයි. පියුමි වීඩියෝව ගැන කතා කරයි

බෙල්ල පාගාගෙන අතින් පයින් අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවේ සිටින්නේ තමන් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සඳහන් කරයි.

මෙම සිදුවීම කුමක් අරභයා සිදු වුවක්ද යන්නට ඔවුන් කවුරුන්ද යන්නටත් ඇය පිළිතුරක් නොදුන් අතර මෙම සිදුවීම මාස 7 කට පමණ පෙර වූ දෙයක් බවත් පවසන ඇය මෑතකදී සමාජ ජාලවන්ට මුදා හැර ඇති බවත් කියයි.

සමාජ ජාලා ඔස්සේම ජනප්‍රිය වූ පියුමි හංසමාලි නොයෙක් අවස්ථා වලදී විවිද ගැටුම් ඇති කර ගත් අතර ඒවා විටින් විට සමාජ ජාලා වල පල විය.

එමෙන්ම ඇය ජනප‍්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි බිම දමාගෙන අතින් පයින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්ට පසු ගියා දා මුදා හැරීමත් සමග මේ පිලිබදව කතාව මතු විය.

මෙම නිරූපන ශිල්පිනිය සමාජ ජාලයන් ඔස්සේම ප‍්‍රසිද්ධියට පත් වුවෙක් වන අතර මෑතකදී යෙලි නාට්‍ය කිහිපයකද රංගනයෙන් එක්ව සිටින්නීනය.

 

AS

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here