රයන් වැන්⁣ රෝයන් යළි රිමාන්ඩ්

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද නියෝග කොට තිබේ .

පසුගියදා තවත් සිව්දෙනකු සමග මෙරටට පැමිණි රයන් වෑන් රෝයන්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 18ක ප්‍රශ්න කිරිමෙන් අනතුරුව වැලිගම පොලිසිය වෙත භාර දෙන ලදි.

පසුව ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග ⁣කලේය.

අද මොහු යලි මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අධිකරණය නියෝග කලේ ලබන අප්‍රේල් මස 25 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත ගතකරන⁣ ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here