Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

බැංකු පොළී අනුපාතිකය පහළට

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාත පදනම් අගය ඒකක 200කින් එනම්, සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇති බව පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ණය පොළී අනුපාතිකය මෙන්ම ඉතිරිකිරීම් සඳහා ලැබෙන පොළිය ඇතුළු සියළුම පොළී අනුපාතික පහළ යන බවත්  මෙහිදී රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගන්නා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විශේෂයෙන් සහනයක් හිමිවනු ඇති බවත් එම සහනය අතීතයේ ලබාගත් ණය සඳහා ද බලපැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

එසේම ඉදිරියේදී සෑම මාස තුනකටම වරක් පොළී අනුපාත ව්‍යුහය සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇති බව කී අමාත්‍යවරයා එය රජයේ ප‍්‍රතිපත්තිමය පොළී අනුපාතිකය හා භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතිකය අනුව තීරණය කෙරෙනු ඇති බවත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: