තුන්කෝටි විසිලක්ෂයක රත්‍රං සමග ගුවන්සේවා නිලධාරියා රේගු දැලේ

රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට උත්සාහ කල ගුවන් සේවා නිලධාරියකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ

වත්තල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපලේ රාජකාරීයේ නිරත කාර්යය මණ්ඩල සාමාජිකයෙක් බව රේගුව සඳහන් කලේය.

සැකකරු රන් බිස්කට් 10 බැගින් කොටස් හතරකට සකස් කර ඒවා සිය පාදවල බැඳ සඟවාගෙන පිටතට රැගෙන යාමට උත්සාහ කොට ඇත.

ඔහු පිලිබඳව සැක සිතු රේගු නිලධාරින් මොහු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ අවසාන ගේට්ටුව පසු කර යෑමට සූදානම් වන විට අද උදෑසන 9.00 ට පමණ අත් අඩංගුවට ගෙන තිබේ

මෙම රත්‍රං වල බර කිලෝග්‍රෑම් 4 ක් වන අතර රන් බිස්කට් ප්‍රමාණය 40ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here