Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

තම ධුර කාලය ගැන ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි

තම ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි. 19 සංශෝධනය වලංගු වන්නේ කතානායකවරයා ඊට අත්සන් කළ දිනයේ පටන් වන නිදා ජනාධිපතිවරයාගේ ධුරය වසර පහක් වන්නේ එම දිනයේ සිට බව තම මතය බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය. ඒ අනුව ජනාධිපතිවරයාට 2020 ජුනි මාසය දක්වා ධුරයේ රැඳී සිටීමට හැකි වනු ඇතැයි ද තමන් විශ්වාස කරන බව ඔහු පවසයි.

එමෙන්ම පොදුජන පෙරමුණේ සභාපති ජි එල් පිරිස් මහතා සදහන් කරන්නේ ජනපති මේ වන විට එසේ විමසා ඇති බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: