ආවා යලි යාපනේ

යාපනය මාණිප්පායි පොලිස් වසමේ පිහිටි නිවාස 03 කටආවා කල්ලියේ සැකකෙරෙන පිරිසක් විසින් පහර දී බඩු බාහිරාදියට හානි කොට පලා ගොස් ඇත.

මාණිප්පායිහි පිහිටි අදාල නිවස් තුනට එකම යතුරුපැදි කණ්ඩායමක් විසින් පහර දීම සිදු කොට ඇති බවට අනාවරනය වී ඇති අතර යතුරු පැදි තුනකින් 9 දෙනෙකු පමණ මුහුණු ආවාරනය කරගනිමින් අදාල ප්‍රහාරයට පැමිණ ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කරයි.

ඊයේ රාත්‍රියේ සිදුවී ඇති මෙම පහරදීමට පැමිණි පිරිස් විසින් නිවේස් තිබූ උපකරණ වලට හානි කොට නිවෙස් හිමියන්ට හානියක් නොකොට ඔවුන්ට තර්ජනය කොට පලා ගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here