SLFP SLPP සාකච්චා තෙවන වටයේදීත් සාර්ථක නැහැ

පොදු සන්ධානයක් ඇති කර ගැනීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සිදුවූ සාකච්චාවන් සදහා එකගතාවයකට පැමිණ නැති බව එම පක්‍ෂ විසින් සදහන් කරයි.

තුන්වන වරට එකතු වෙමින් පැවැත්වූ මෙම සාකච්චා වටය්දී අද දිනයේදී ප්‍රතිපත්තිමය කාරනා ගැන කතා කල බවත් එහිදී කරුණු 25ක් මුල් කර ගෙන ඒවාහි කෙසේ පදනම් වී කටයුතු කරනවාද යන්න සාකච්චා කල බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තවම මෙම කරුණු සම්බන්දයෙන් එකගතාවයක් නොමැති නිසා මේ පිලිබදව සවිස්තවරව ඉරිදියේදී කිව හැකි බවට ඔහු වැඩි දුරටත් පවසයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ සභාපති ජි.එල් පිරිස්  මහතා සදහන් කරන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුගේ වටා සිටින අයට අවශ්‍ය විදියට කටයුතු කරන බවත් සාකච්චා දිගටම සිදු වන බවත්ය.

මෙම සියලු ප්‍රකාශ වලින් පැවසෙන්නේ තවමත් ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ ව්විද මත ගැටුම් සමග සිටින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here