විදුලිය කප්පාදුව අද රාත්‍රියෙන් පසු අවසන් බව ඇමති රවී කියයි

විදුලි කප්පාදුව අද රාත්‍රියෙන් පසු අවසන් කරන බවත් යළි විදුලිය කප්පාදු කිරිමක් සිදු නොකරන බවත් ‍විදුලිබල අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ ස්ථිරවම විදුලිය ජනනය කිරිමේ වැඩ පිළිවෙලකට යාම සඳහා අවුරුදු එකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

එතෙක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ‍ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here