මධ්‍යම කදුකරයට වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල පිහිටි ජල පෝෂක ප්‍රදේශ වලට අද (10)  ගිගුරුම් තද වැසි පතිත වී තිබේ.

අද පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වා බගවන්තලාව, නොර්වුඩ් ,මස්කෙලිය,නල්ලත්නිය සහ හැටන් යන ප්‍රදේශ වලට මෙසේ වැසි ලැබුණ බවයි වාර්තාවන්නේ.

අධික වර්ෂාවත් සමගම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වලට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමු ඔයෙත්, මස්කෙලිය ඔයෙත් ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් පවසයි.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශ වලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශ වල ජල මට්ටම පහල බැස තිබු අතර,  ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here