ණය⁣ පොලී අනුපාතය පහල දමනවා:අගමැති

මෙරට ණය පොලී අනුපාත පහල දැමීමට පියවරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

ඊට අදාල නියෝග ඉදිරි සතියේදි මහබැංකු මුල්‍ය මණ්ඩලය විසින් ප්‍රසිද්ධියට පත කරන බවද අග්‍රාමාත්‍ය වරයා කියා සිටියි

මේ යටතේ තැන්පත්කරුවන්ට ලබාදෙන පොලී අනුපාත සඳහා සීමා පැනවිමටද නියමිතයි.

කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන්ට සහන සැලසෙන අයුරින් මෙම පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය .

ණය පොලී පහත හෙලීමෙන් ව්‍යාපාර දියුණු කිරිමට අවස්ථාව හිමිවනු ඇති බවද අගමැතිවරයා විශ්වාසය පලකරයි.

ගිය වසරේ මෙය ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කලද ,මතුවු දින 51 දේශපාලන අර්බුදය හමුවේ එය වැලකි ගිය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

එම අර්බුදය හේතුවෙන් මෙරටට අමරිකානු ඩොලර් මිලියන 1000 පාඩුවක් සිදු වු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙම නව වැඩපිළිවෙල යටතේ තවත් සංශෝධන අවශ්‍ය නම් සති හයකින් යලි සලකා බලන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here