ජනතාවට සහන දෙන්න ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ නොදමයි

මිල සුත‍්‍රය අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත‍්‍රියේ සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණද එවැනි සංශෝධනයක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල වැඩි වී ඇති බැවින් එම දත්ත මිල සුත‍්‍රයට ගැළපුවහොත් ඉන්ධන මිල වැඩි කළ යුතු බවයි මුදල් අමාත්‍යවරයාවැඩි දුරටත් පවසයි. උත්සව සමය සැලකිල්ලට ගෙන ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්ධන මිල වැඩි නොකර තවදුරටත් පවතින මිලටම ඉන්ධන අලෙවි කරන බව ඔහු පේනවා දෙයි.

මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කිරීමේ කමිටුව අද දින රැස් විය. ඒ, මුදල් අමාත්‍යංශයේදීයි. මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල වැඩි වන බවට අද විවිද වාර්තා පල විය. ඉන්ධන මිල සෑම මසකම 10වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට සංශාධනය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here