හෙද වෘත්තීය සමිති දියත් කල වර්ජනය අවසන්

ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති දීපව්‍යාප්තව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද උදෑසන 8ට අවසන් කර තිබේ.

වැටුප් විෂමතාව ,වසර 6න් 6ට ශ්‍රේණිගත උසස්වීම්වල ලබා දෙන ලෙසත්, උපාධිධාරීන් සඳහා වෘත්තීමය වැටුප් තලයක් ලබා දීම,සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම ඇතුලු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඊයේ උදෑසන 7ට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ  කළේය.

මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතු වලට බාධා එල්ල වු අතර රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියේය

මේ අතර තම ඉල්ලීම්වලට විසදුම් නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවද හෙද පරීපුරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here