Mon. Aug 26th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල ගැන හරියට දැන ගන්න

සයිප්‍රස් රාජ්‍යයේ දැනට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 7500ක් පමණ රැකියාවල නිරතව සිටින අතර, එයින් වැඩි පිරිසක් ගෘහාශ්‍රිත රැකියාවන්හි නිරත වේ. ඉතා සුළු පිරිසක් ගෘහාශ්‍රිත නොවන රැකියාවන්වල නිරත වේ. වසරකට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 1200ක් පමණ සයිප්‍රස් රාජ්‍යය බලා රැකියා සදහා පිටත්ව යයි.

සයිප්‍රස්හි සේවය කරන ශ්‍රමිකයින්ගේ සුභසාධනය සදහා රක්ෂණාවරණ 2ක් ක්‍රියාත්මක වේ. ඒවා නම්,

  1. සමාජ ආරක්ෂණ අරමුදල
  2. වෛද්‍ය රක්ෂණාවරණය

සයිප්‍රස්හි සේවය කරන ශ්‍රමිකයින් වෙනුවෙන් සිය හාම්පුතා විසින් මාසික වාරික වශයෙන් එරට රජය මගින් පවත්වාගෙන යනු ලබන සමාජ ආරක්ෂණ අරමුදලට දායක විය යුතුය. ගෘහාශ්‍රිත රැකියා කරන ශ්‍රමිකයින් වෙනුවෙන් යුරෝ 89-95ත් අතර මුදලක් හෝ අදාල වැටුපට සාපේක්ෂව ප්‍රමාණයක් සේවකයාගේ සුභාසාධනය වෙනුවෙන් රජයට මාසිකව ගෙවීම හාම්පුතාගේ වගකීමකි.

ගෘහාශ්‍රිත නොවන රැකියා සදහා මෙම දායක මුදල සේවකයාගේ වැටුප අනුව වෙනස් වේ. ගෘහාශ්‍රිත නොවන රැකියා සදහා ශ්‍රමිකයාගේ වැටුපෙන් 7.8% ක මුදලක් මෙම අරමුදලෙහි දායක මුදල වශයෙන් මාස්පතා හාම්පුතා විසින් ගෙවිය යුතුය. 2019 වර්ෂය තෙක් මෙම අරමුදලට කිසිදු අයුරකින් ගෘහාශ්‍රිත රැකියාවල නියුතු සේවකයා විසින් දායක මුදල් නොගෙවූ අතර, සියළු දායක මුදල් හාම්පුතා විසින් පමණක් ගෙවන ලදී.

මේ වන විට සයිප්‍රස්හි සේවය කරන ගෘහාශ්‍රිත රැකියා සදහා යන ශ්‍රමිකයෙකු සදහා ගෙවනු ලබන අවම වැටුප යුරෝ 309ක් වේ. නමුත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් 2017දී අවම වැටුප යුරෝ 327ක් දක්වා වැඩිකිරීමට රැකියා නියෝජිතායතන එකග විය.

ඒ අනුව,

  • වැඩිහිටියන් රැකබලා ගැනීම සදහා යන ශ්‍රමිකයින්ට අවම වැටුප යුරෝ 327කි.
  • ළමයින් සිටින පවුලක සේවය සදහා යන ශ්‍රමිකයින්ට අවම වැටුප යුරෝ 350කි.

2019.01.01 වන දින තෙක් පහත සදහන් තොරතුරු හා නියමයන් සමාජ ආරක්ෂණ අරමුදල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

සමාජ ආරක්ෂණ අරමුදල සදහා ඉල්ලුම් කිරීමට සපුරාලිය යුතු අවම සුදුසුකම් පහත පරිදි වේ.

  1. ශ්‍රමිකයා වෙනුවෙන් ඔහුගේ හෝ ඇයගේ හාම්පුතා විසින් නොකඩවා වසර 10ක් සමාජ ආරක්ෂණ අරමුදල සදහා දායක මුදල් ගෙවා තිබිය යුතුයි.
  2. ශ්‍රමිකයා අවම වශයෙන් වසර 10ක් සයිප්‍රස්හි සේවය කර තිබිය යුතුයි.
  3. ශ්‍රමිකයාගේ වයස අවුරුදු 65ක් විය යුතුයි.
  4. අරමුදල සදහා ඉල්ලුම් කරන විටත් සයිප්‍රස්හි සේවය කරමින් සිටිය යුතුයි.

2016 වර්ෂයේදී එවකට විදේශ රැකියා භාර අමාත්‍යවරිය සයිප්‍රස්හි කම්කරු අමාත්‍යවරිය සමග සාකච්ඡා කරමින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සදහා සයිප්‍රස් රජය මගින් ලබාදෙන වීසා කාලය වසර 4ක් පමණක් වන බැවින් මෙම සමාජ ආරක්ෂණ අරමුදලෙහි ප්‍රතිලාභ යම් ප්‍රතිශතයක් හෝ ශ්‍රි ලාංකිකයින්ටද ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන ලදී. එයට ප්‍රතිචාර වශයෙන්  යුරෝපා සංගමය හා සාකච්ඡා කර ඔවුන්ගේ නිර්දේශ මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔවුන් එකග වී තිබේ.

එසේම 2019.02.28 දින වර්තමාන විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාද සයිප්‍රස් කම්කරු අමාත්‍යවරිය සමග මෙන්ම එරට ජනාධිපතිවරයා සමගද නැවතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා තිබේ.

2019.01.01 දින සිට සයිප්‍රස් රජය මගින් සමාජ ආරක්ෂණ අරමුදලෙහි කොන්දේසි වෙනස් කර ඇති අතර, ඒවා පහත පරිදි වේ.

  1. මෙම සමාජ ආරක්ෂණ අරමුදල සදහා සයිප්‍රස්හි සේවය කරන සියළුම ශ්‍රමිකයින් තම වැටුපෙන් 8.3% ක්ද, හාම්පුතා 8.3% ක්ද, සයිප්‍රස් රජය මගින් 4.9% ක්ද වශයෙන් මූලික වැටුපෙන් 21.5% ක් දායක මුදල් ගෙවිය යුතුයි.
  2. එසේ නොමැති නම් සති 312ක් (වසර 6ක්) සමාජ ආරක්ෂණ අරමුදලට නොකඩවා දායක මුදල් ගෙවූ ශ්‍රමිකයින්හට වයස අවුරුදු 68 සම්පූර්ණ වූ පසු ගෙවූ දායක මුදලෙන් 15%ක මුදලක් එකවර ලබාගත හැකිය.

මෙම සමාජ ආරක්ෂණ අරමුදල සදහා ලියාපදිංචි ශ්‍රමිකයින්ට පහත සදහන් අවස්ථාවන්වලදී ද එහි ප්‍රතිලාභ ලබාගැනීම සදහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවේ.

  1. විවාහයකදී හිමි වන පාරිතෝෂික
  2. දරු ප්‍රසූතියකදී හිමි වන පාරිතෝෂික
  3. මරණයකදී හිමි වන පාරිතෝෂික
  4. අසනීප තත්ත්වයකදී හිමි වන පාරිතෝෂික
  5. රැකියාව අහිමිවීමකදී හිමි වන පාරිතෝෂික
  6. විශ්‍රාම වැටුප් සදහා හිමිකම් කිව නොහැකි අවස්ථාවකදී හිමි වන පාරිතෝෂික
  7. නිසි වයස සම්පූර්ණ වු විට ලබාගත හැකි විශ්‍රාම පාරිතෝෂික
  8. වැන්දඹු වූ විට හිමි වන පාරිතෝෂික
  9. අනත් දරුවන්ට හිමිවන පාරිතෝෂික
  10. සේවය කරන අවස්ථාවේදී අනතුරුවලට ලක්වීම මත හිමි වන පාරිතෝෂික

ඉහත අංක 7 යටතේ ප්‍රතිලාභ ලබාගැනීම සදහා ශ්‍රමිකයා අවම වශයෙන් සති 780ක් (වසර 15) සයිප්‍රස් හි අඛණ්ඩව සේවය කර තිබිය යුතු අතර, අදාළ කාලය තුළ දායක මුදල් ගෙවා තිබිය යුතු අතර, වයස අවුරුදු 65ක් විය යුතුය.

2016 වසර වන තෙක් ශ්‍රමිකයින්ගේ වලංගු වීසා කාලය වසර 4ක් දක්වා වූ අතර, 2017 වසරේ සිට වසර 6 දක්වා කාලය දීර්ඝ කර ඇති අතර, හාම්පුතාට අවශ්‍ය නම් විශේෂ අවසරය මත ශ්‍රමිකයාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කළ හැකිය.

මෙම සමාජ ආරක්ෂණ අරමුදල ලබාගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් ගෙන යන වැරදි ප්‍රචාරයන්ට හසු නොවන මෙන් විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

 

GIAC GSEC Exam Practice PDF : GIAC Security Essentials Certification

GIAC GSEC Exam Practice PDF The old man was right, or I answered. At that time, he began to play his idea on his little daughter Niu Shunxiang. I have been there GIAC GSEC Exam Practice PDF once at noon. What do GIAC GSEC Exam Practice PDF you think of your position in the history of the village in the future He may be excited or temporary. Then the radiance of his great thoughts is the wings of a crow like Wang GIAC Information Security GSEC Xijia. So his other idea of being ignorant is that he has also told us with great enthusiasm Don t whisper So we saw that Wang Xijia said what he was, whether it GIAC Security Essentials Certification was for the world or for the individual, for the maiden or the family, Wang Xijia, his http://www.passexamcert.com cousin had no opinion, and Wang Xijia s opinion GSEC Exam Practice PDF was his opinion.

The helper is the idiot who gave the creative hand to the GIAC GSEC Exam Practice PDF creative director. On the water. When Li Yuezhen s eyes looked at the dead baby on the water, the foot GIAC Security Essentials Certification was smashed, and then she saw three dead GIAC GSEC Exam Practice PDF infants stranded on the shore. I remembered Zoe looking at my concerns and fearing that GIAC GSEC Exam Practice PDF I was sick. 32. Regarding marriage, do you want to know or have someone warned you about it I want people to GIAC Information Security GSEC tell me that if you are not careful, the two people in the marriage will forget each other. I knew that I was lying with a familiar woman, but the strange voice she spoke made me feel like I was GIAC GSEC Exam Practice PDF lying GIAC GSEC Exam Practice PDF with a woman I didn GSEC Exam Practice PDF t know.

GIAC Security Essentials Certification Fortunately, the bus that GIAC GSEC Exam Practice PDF took the seventh GIAC GSEC Exam Practice PDF grade to Yosemite GIAC Information Security GSEC GIAC GSEC Exam Practice PDF is still there, but it has GIAC Information Security GSEC Exam Practice PDF already started. Mrs. GSEC Exam Practice PDF Norman spoke Do you often come to the theater Oh, yes, it has always been like this. Now it started to be uneasy, and the voice was miserable.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *