ගෝඨා 12 වනදා ලංකාවට

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට තවත් සිවිල් නඩුවක් ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත‍්‍රික් අධිකරණයේදී තවත් නඩුවක් ගොනු කර තිබේ.

ජත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය මෙම නඩුව ගොනු කර ඇත්තේ ‘රෝයි සමධානම්’ පුද්ගලයෙක් කරන ලද පැමිණිල්ලක් අනුවය. මීට අදාල නොතීසි ඉරිදා රාත්‍රියේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට බාර දුන් බවද එම සංවිධානය කියයි.

වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා යටතේ වෙව නඩුව ගොනු කල බවද සංවිධානය කියා සිටී. කෙසේ වෙතත් මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරත වන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් කිසිදු නොතීසියක් හෝ ලේඛණයක් තමනට බාර නොදුන් බවයි. තමන් යොදාගෙන ඇති පරිදි 12 වැනිදා ලංකාවට නැවත එන බවද ඔහු තව දුරටත් සදහන් කර ඇත.

මීට අමතරව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්දයෙන්ද ඔහුගේ දියණිව විසින් නඩුවක් පවර ඇති බවද බිබිසි මගින් වාර්තා විය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකානු අධිකරණයේ නඩු පවරා තිබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පල ඇති රුකට ගල් ගසන බවය. එමෙන්ම මොන භාදක පැමිණියත් ඉදිරියේදී ඒආ ඕනෑම මතිවරනකයට  සුදානම් බවත් විපක්‍ෂනායකවරයා සදහන් කළේය.

 

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here