ඉන්දීය ආරක්ෂක ලේකම් ලංකාවට

නිල සංවාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු ආරක්ෂක ලේකම් සංජය මිත්‍රා (Sanjay Mitra) මහතා අද (09) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තේය.

ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සමුළුවේ 06 වැනි සැසිවාරය සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ඇතළු දූත කණ්ඩායමක් මෙරටට පැමිණියේය. ඒ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අරාධනයකට අනුවයි. මෙම සමුළුව ඊයේ ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සමළුව සදහා පැමිණි ඒ මහතා මහනුවර දී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු විශේෂ අමුත්තන්ගේ පරිශ්‍රයේදී සමරු සටහනක් තැබීය. අනතුරුව ශ්‍රී දළදා මාලිගාව සඳහා ආධාරයක් ද සිදුකළ ඒ මහතා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ පිහිටි ඉන්දියානු පරිශ්‍රයේද නිරීක්ෂණයට එක්වූහ.

මෙම අවස්ථාව සඳහා ඉන්දියානු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here