Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අවුරුදු සමයට රථ වාහන සිවිල් නිලධාරීන් 8000ක්

අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා දිවයින පුරා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් යෙදවීමට තීරණය කර ඇතැයි රථ වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන්ද මෙහිදී රාජකාරී සඳහා යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

විශේෂයෙන් බස් රථ රියදුරන් සිදු කරන අපරික්ෂාකාරි ක්‍රියාවන් විමර්ෂණය සඳහා මෙසෙල සිවිල් නිලධාරින් යොදවන බවද වාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම අප්‍රේල් සම 10දා සිට 20වදා දක්වා දින 10ක කාලය තුල සාපෙක්ෂව සෑම වසරකම රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ඉතා අධික බවත් ඒ අනුව දිනකට 14 දෙනෙකු මිය යන බවත් 75කු තුවාල ලබන බවත් ඒ මහතා පැවසී්‍ය.

පසුගිය අවුරුද්දේ එම අප්‍රේල් 11වදා සිට 200 දක්වා 135කු මිය ගිය බවත් 750ක් තුවාල ලබා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: