40% උපාධිදාරීන් පිටරට. රට එපා වුවන්ට රටක් හදන්න පාටලිගෙන් සැලසුමක්

පසුගිය වසර 30 තුළ ශ්‍රී ලංකාවේ ඉන්ජිනේරු උපාධිය ගත් අයගෙන් 40%ක් අද ජීවත් වන්නේ පිටරට බව ඇමති පාටලී චම්පික පවසයි.

ඒ අනුව වැඩිම සිංහල ජනතාවක් ජීවත් වන්නේ කොළඹ නගරයේ බව පැවසූ අමාත්‍යවරයා ඉන් පසුව වැඩිම සිංහල ජනගහණයක් ජීවත් වන්නේ මහනුවර හෝ ගාල්ලේ හෝ මාතර නොව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම වැඩිම දෙමළ ජනතාවක් ජීවත් වන්නේ යාපනයේ බවත් ඉන් පසුව වැඩිම දෙමළ ජනතාවක් ජීවත් වන්නේ ත්‍රිකුණාමලයේ හෝ මඩකලපුවේ හෝ වව්නියාවේ නොව කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ බවත් සඳහන් කළේය.

ඔවුන්ට මේ රට එපා වී ඇති බව පැවසූ අමාත්‍යවරයා තම අරමුණ වන්නේ ඊළඟ ඡන්දය ගැන වෙනුවට මේ රට ගොඩනඟන්නේ කෙසේද කියා බැලීම බවත් පැවසීය. රට එපා වී සිටින මේ අයට ඉන්න හිතෙන පිරිසිදු රටක් ඇති කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ

ශ්‍රී ලංකාවේ පුරවැසියන් අතරින් 15%ක්, එනම් සෑම හය දෙනෙකුගෙන්ම එක් අයෙක් විදෙස් පුරවැසිභාවය සහිත පුද්ගලයින් බව මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here