මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරිමට ශ්‍රි ලංකාව ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි යුරෝපා සංගමය අපේක්ෂා කරයි

මරණ දඬුවම් ක්‍රියාත්මක නොකිරීමට 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී එකඟ වූ පරිදි ශ්‍රි ලංකාව ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව යුරෝපා සංගමය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලකාව ගෙන ඇති තීරණය පිලිබඳ සිය ස්ථාවර පැහැදිලි කරමින් යුරෝපා සංගමය මේ බව කියා තිබේ.

ප්‍රංශ , ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත රොමේනියා, හා මහා බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්යාල, නොර්වේ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල මෙන්ම කැනඩා හා ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය වලද එකඟතාවයෙන් මෙම ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබේ.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඵලදායී ක්‍රියාමාර්ගයක් ලෙස පිලිගත නොහැකි බවද එහි සඳහන් වෙයි

එහි දැක්වෙන්නේ මරණ දණ්ඩනය මානවයාගේ ගෞරවය හා පැවැත්මට කිසිසේත් පිලිගත හැක්කක් නොවන බවයි.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ තම අත්දැකීමක් ශ්‍රි ලංකාව සමග බෙදාගැනීමට සූදනම් බවද එහි දැක්වෙයි

ලොව රටවලින් තුනෙන් දෙකකට වඩා මරණ දණ්ඩනය ප්‍රතික්⁣ෂේප කර හෝ ක්‍රියාත්මක නොකරන ස්ථාවරයක කටයුතු කරන බවද යුරෝපා සංගමය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here