මරණ දඩුවමට යුරෝපා සංගමයේ විරෝධය

මරණ දඩුවම පැනවීමට අදාළව ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය අත්හිටුවිය යුතු බව යුරෝපා සංගමය යළි අවධාරණය කර තිබේ.

2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ ආකාරයෙන් ශ්‍රී ලංකා‌ රජය මරණ දඩුවම අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් පවසයි.

ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා උත්සහ කරමින් සිටින බවයි එම නිවේදනයේන් පෙන්වාදී ඇත.

මත්කුඩු ජාවාරම ලොව බහුතරයක් රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් වන අතර එය මර්දනය කිරීමට ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බව හා මත් උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඇති අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔවුන් සූදානම් බවද එම නිවේදනයේ ඔවුන් දක්වා තිබේ.

ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා, නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව යුරෝපා සංගමය එම නිවේදනය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here