මධුෂ්ගේ ගෝලයන්ගේ තවත් තොරතුරු හෙළි වේ

මාකඳුරේ මදූෂ්ගේ කතාව තවම අවසන් නැත. මේ වන විට ඔවුන්ගේ සත්‍ය හෙළිකර ගැනීමේ මෙහෙයුම් වල අපරාද පරීක්ෂක නිලධාරිහි නියැලෙති. ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූවන් එකිකෙකා මේ වන විට ලංකාවට පිටුවහල් වෙද්දී ඔවුන්ගෙන් විස්තර දැන ගැනීමට මිහිරාන පොලිස් ඒකකයට බාර වී ඇත.

මධුෂ් සමඟ ඩුබායිහි දී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් අනාවරණය වුණු තොරතුරු අතර ඇතුළෙන්ම අනාවරණය වන්නේ ඔවුන් සතු ඩුබායි වත්කම් සම්බන්ධයෙනි. එම තොරතුරු වල සදහන් වන්නේ ඔවුන්ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පදිංචි වීසා ද ඇති බවය. මේ වන විට මෙය සීඅයිඩිය  හෙළිකර ගෙන ඇත. මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කන්ජිපානි ඉම්රාන්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා සහ සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල ද ඒ අතරට අයත්ය.

කෙසේ වෙතත මධුශ්ව ලංකාවට ගෙන ඒමට වත්මන් රජය පියවර ගනිමින් සිටියි. මධුෂ් ලංකාවට පිටුවහල් කිරීම සඳහා පැවැති සාකච්ඡාවට විදේශ ඇමැති මාරපන මහතා හා සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා මහතා පසුගිය සතියේ ඩුබායි බලා පිටත්ව ගිය බවද වාර්තා විය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත විදේශ ඇමැතිවරයා මෙලෙස ඩුබායි ගිය බව සැල විය. මෙහිලා නවතම තොරතුරු අතර වාර්තා වන්නේ මධුෂ් ලක්‍ෂිත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට නියෝජිතයන්ට සහතික වී ඇති බවය. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමු වූ අරාබි එමීරයේ විදේශ ඇමැති අන්වර් බින් මොහොමඞ් ගාෂ් මහතා මධුෂ් පිටුවහල් කිරීම පිළිබඳව සහතික වී ඇත. මධුෂ් ඩුබායි බලා ගොස් ඇත්තේ 2015 දී වන අතර ඒ අසංග වර්ණකුලසූරිය නමැති ව්‍යාජ නමකිනි.

කිසියම් පුද්ගලයෙකුට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පදිංචි වීසා ලබා ගැනීම සඳහා ඔහු හෝ ඇය සපුරාලිය යුතු කරුණු රැසක් වන අතර ඒ අනුව නිවසක් තිබීම අනිවාර්ය වන අතර ඔහු හෝ ඇය නමට ලියාපදිංචි කළ සමාගමක් ද තිබිය යුතුය. මෙම සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ විවිධ අපරාධවලින් උපයා ගන්නා මුදල් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආයෝජනය කර ඇති බැවින් මේවා සිදුවී ඇති බවට ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

මොහොමඞ් ඉම්රාන් මොහොමඞ් නජීම් නොහොත් කන්ජිපානි ඉම්රාන්ට එක්සත් අරාබි එම්ර් රාජ්‍යයේ පදිංචි වීසා ලැබී ඇත්තේ 2015 වසරේ මාර්තු මාසයෙන් පසුවය. අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගාට මෙම වසරේ පෙබරවාරී මස 03 වැනිදා සිට එරට පදිංචි වීසා ලැබී තිබේ. සේපාල රත්නායකගේ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිලට පදිංචි වීසා ලැබී ඇත්තේ 2017 වසරේ ඔක්තෝබර් මස 17 වැනිදා බවයි අනාවරණ වී ඇති බව සීඅයිඩි ආරංචි මාර්ග පවසයි.

මේ අතර තුර තවත් දෙදෙනෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ UL – 266 දරණ ගුවන් යානයෙන් පැමිණියේය. මෙම දෙදෙනා පැමිණ ඇති අතර එහිදී කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාර නිලධාරීන් ඔවුන් දෙදෙනාව සිට භාරයට ගෙන ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් ඇති බව වාර්තා වෙයි.

 

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here