ගෝඨාට ඇමරිකාවේ නඩුවක්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකානු අධිකරණයක නඩු පවරා ඇති බව පැවසේ.

ඒ අනුව සදහන් වන්නේ ඝාතනයට ලක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග විසින් මෙම නඩුව ගොනු කර ඇති බව බීබීසී කොලඹ වාර්තාකරු සදහන් කර ඇත.

කැලිෆොනියා දිස්ත‍්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩුව මගින් පැමිණිලිකාරිය ඉල්ලා ඇත්තේ තම පියාගේ මරණයට ගෝටාභය රාජපක්‍ෂ මහතා වගකිව යුතු බවත් ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙසත්ය.

කෙසේ වෙතත් සිවිල් නඩුවක් ලෙස ගොනු කර ඇති මේ නඩුව විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමරිකා අධිකරණය තීන්දුවක් ගෙන නැත. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ දිනවල සිටින්නේ ඇමරිකානු සංචාරවක නිරත වෙමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here