අනිද්දා සිට විදුලි කැපීම අවසන්. පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී

පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට විදුලි බල ශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.

CGS අප මේ පිලිබදව මින් ඉහතදී මෙය ලද සැණින් විලිබල මණ්ඩල ආරංචි මාර්ග හරහා වාර්තා කළෙමු. එම පුවත අද පල දරමින් එය සනාථ වෙයි.

ඒ අනුව මෙගාවොට් 500ක විදුලි බලයක් මිලදී ගැනීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය තිරණය කර  ඇති බව සදහන් වෙයි.

එම ප‍්‍රමාණය ජාතික පද්ධතියට එක් කිරීමත් සමගින් අනිද්දා දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ග‍්‍රහස්ථ විදුලි බිල වැඩි කිරීමේ අදහසක් නැති බවත් කාර්මික විදුලි බිල සංහෝධනය කිරීමට අදහස් කර සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here