අධික ශබ්ද සහිත රථවාහන නලා සම්බන්ධයෙන් ජුලි 1 වනදා සිට නීතිය දැඩිව

රථවාහන වල ඇති ඝෝෂාකාරී නාද රටා සහිත නලා ගලවා ඉවත් කිරිම ලබන ජුලි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

අප්‍රේල් මාසයේ සිට මාස තුනක කාලයක් මෙම විවිධ නාද රටා සහිත නලා ගලවා ඉවත් කරන්නට සහන කාලය ලබා දී ඇති බවත් එම සහන කාලයෙන් පසුවත් ඝෝෂාකාරී නාද රටා සහිත නලා භාවිත කරන වාහන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි

ඒ සම්බන්ධයෙන් බස් රථ හිමියන්ගේ සංගම් පවා කැමැත්ත පළකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි

ඒ අනුව ලබන ජුලි මස 01 වෙනිදා ඉදලා විවිධ නාද රටා සහිත නලා තිබෙන බස් රථ වලට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවට මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

එවැනි විවිධ නාද රටා සහිත නලා සවිකර තිබෙන වාහන පදවන රියදුරාට රුපියල් 10,000 සිට 20,000 දක්වා දඩ පැනවිය හැකි අතර එවැනි නලා හේතුවෙන් යම් පුද්ගලයෙක්ට තුවාල සිදුවුවහොත් රියදුරාට මෙන්ම වාහනයේ හිමිකරුට රු. 10,000 සිට 25,000ක් දක්වා දඩයක් සහ නඩු පැවරීමෙන් මාස දෙකක සිර දඬුවමක් ලබා දීමේ හැකියාවක් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here