වද හිංසාව වළක්වාලිම සඳහා වු එක්සත් ජාතින්ගේ අනුකමිටුව වවුනියාවේ සංචාරයක

වද හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනු කමිටු නියෝජිත කණ්ඩායම අද වවුනියාවේ සංචාරය කළ අතර ඔවුන් පළාතේ ස්ථාන කීපයක්ම නිරීක්ෂණයට ලක් කළහ.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරය, වවුනියාව මූලස්ථාන පොලීසිය හා වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානය අදාළ පිරිස් විසින්                                                                         නිරීක්ෂණයට ලක් කොට ඇත.

වවුනියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ පිහිටුවා තිබෙන හිටපු එල්.ටී.ටි සංවිධාන සාමාජිකයින් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අදාළ පිරිස, වර්තමානයේ පුනරුත්තාපන කඳවුර තුළ පුනරුත්තාපනය ලබන සාමාජිකයෙකු සමඟ පුනරුත්තාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කොට තිබේ.

සිව් දෙනෙකුගෙන් යුත් දුත් පිරිසක් සංචාරයට එක්ව සිටින අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප්‍රස් සහ පිලිපීනය යන රටවල්වලට අයත් බව ද නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව මෙම නියෝජිත කණ්ඩායම ලබන 12 වැනිදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිතය.

දිවයිනට පැමිණි අදාළ පිරිස මෙරට රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව ස්වාධීන ජාතික නිවාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here