ජනාධිපතිවරණය දෙසැම්බරයේ බව ඇමති ලක්ෂ්මන් කියයි

මෙම වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භයේ දී ජනාධිපතිවරණය පවත්වන බවත් ඒ සඳහා සුදුසු ශක්තිමත් සහ පක්ෂය
අනිවාර්යයෙන්ම දිනවිය හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන බොහෝ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නේ නැහැ. මහනුවර කොළඹ අධිවේගී මාර්ගය සඳහා වන කැබිනට් පත්‍රිකාවට පවා දැඩි බාධා එල්ල කළා. නමුත් එය සම්මත කර ගෙන මාර්ගය ඉදිකිරීමට අපට හැකියාව ලැබුණා.”

කෙසේවෙතත් පැවැත්වෙන පළමු මැතිවරණය ජයග්‍රහණය කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුඅතර පරාද වු‍ණොත් ඉන් පසු සියලු මැතිවරණ අමතක කිරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මහනුවර පවතී උත්සවයක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here