ජනපති අපේක්‍ෂකයා ශිරන්ති ජවිපෙ කියයි

මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා පත් කලහොත් ඉන් එහාට දේශපාලන කේන්ද‍්‍රය බවට ගෝටාභය රාජපක්‍ෂ මහතා නිතැතින්ම පත්ව මහින්ද රාජපෙක්‍ෂ මහතාගේ දේශපාලනය අවසන් වන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

එනිසා මහින්ද විසින් මේ දිනවල සිදු කරමින් සිටින්නේ ගෝටාභය ‘මාරුවෙන් මාරුවට උස්සනවා.. පොලොවේ ගහනවා’ වැනි කටයුත්තක් යයිද ඔහු කියා සිටියේය.

එනිසා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෝටාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කිරීම කිසිසේත්ම සිදු නොකරනු ඇති බවත් ශිරන්ති රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස නම් කරනු ඇතැයි තමනට දැඩි විශ්වාසයක් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here