Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

හෘද සැත්කම් පිළිබද කටයුතු කිරීමට පංචපුද්ගල කමිටුවක්


දිවයින පුරා පිහිටි හෘද කැතීටකරණ ඒකක සදහා අවශ්‍ය ඖෂධ සහ ස්ටෙන්ස් නව ක්‍රමවේදයක් යටතේ මිල දී ගැනීම සහ විධිමත්ව සැපයීම සදහා පංච පුද්ගල කමිටුවක් පත්කොට ඇත

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පංච පුද්ගල කමිටුව පත් කර තිබේ.

එම කමිටුවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශණ, හෘද රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ, යන මහත්වරුන් ඇතුළත්වෙයි.

කමිටු වාර්තාව සති දෙකක් ඇතුලත ලබාදිය යුතුයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම කමිටුව පත් කරනු ලැබුයේ ශ්‍රී ලංකා හදවත් සංගමය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: