ශ්‍රීලනිපයේ සංවිධායකයින් පිරිසක් එජාපෙට

ශ්‍රීලනිපයේ සංවිධායකවරුන් පිරිසක් එජාපයට එකතු වී ඇත.

ශ‍්‍රීලනිපය අද වන විට තම පාක්‍ෂිකයන් අතරමං කර ඇතැයිද පාක්ෂිකයන්ගේ අරමුණු නොතකා පක්‍ෂ නායකයන් බලලෝබී දේශපාලනයක නිරත වන බවද එම සංවිධායකයින් පවසති.

මෙසේ එකතු වී ඇත්තේ කුරුණැගල දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප සංවිධායක ඒ.ඒ.ඒ ලතීෆ් මහතා ඇතුළු එම පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසකි.

ඔවුන් එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡාවකින් පසු මෙම තීරණය ප‍්‍රකාශයට පත් කල අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිප අපේක්ෂකයින් ලෙස තරග කල 21 දෙනෙකුද එජාප සාමාජිකත්වය ලබාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here