මලදිවයිනේ මහමැතිවරණයට කොළඹත් ජන්ද පෙට්ටියක්

ශ්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින් ජාතිකයින් අද සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරාපත් කර ගැනීම සඳහා මෙරටදි ජන්දය භාවිත කලේය

මෙරට සිටින මාලදිවයින් ජාතිකයින් විශාල පිරිසක් සිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සුදානමින් සිටි අතර ඒ සඳහා ජන්ද පෙට්ට් ස්ථාන ගත කර තිබුනේ කොළඹ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලයේය.

ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ජනතාව වැඩි වශයෙන් වෙසෙන ඉන්දියාව,මලයාසියාව,එක්සත් රාජධානිය යන රටවලද ජන්ද මධ්‍යස්ථාන පිහිටුවා තිබුනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 87ක් සඳහා අපේක්ෂකයින් 386 මෙවර මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිති.

මෙවර මැතිවරණයේ ⁣පෙරමුණේ තරඟ වදින්නේ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මෙහොමඩ්ගේ සන්ධානයේ නායකත්වයෙන්යුතු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා යාමීන් අබ්දුල් ගයුම් අතරයි.

මාලදිවයිනේ මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ එරට
මධ්‍යස්ථාන 501ක ජන්දය ප්‍රකාශ කිරිම සිදු කරන බවය.

අද පැවති මැතිවරණයේ නිල ප්‍රතිඵල අප්‍රේල් මස 12 වැනි දින ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here