ගෝඨාගේ මැතිවරණ කටයුතු ජූනි සිට ඇරඹේ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ක්‍රියාවලිය මේ වන විට අවසන් වී ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඔහුගේ මැතිවරණ කටයුතු ජූනි මස සිට ඇරඹේ.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතාගෙන් CGS අප කල විමසුමේදී ඔහු පැවසුවේ එය එසේ සැලවී ඇති බවය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මෙම ජුනි මස මුල් සතියේදී ආරම්භ වීමට නියමිතය.

ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු මේ වන විට බිම් මට්ටමේ සක්‍රියව සිදු වෙමින් පවතින අතර දිත්ව පුරවැසිබව නිසා ඔහු දේශපාලන වේදිකා ගත නොනුණත් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් දේශපාලනයට එන බව පැවසුවේය. එහිදී ඔහු සදහන් කාලේ අයියා ( මහින්ද රාජපක්ෂ ) පැවසු නිසා තමන් දේශපාලනයට එන බවයි.

තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මාස 3 කට පෙර මෙරට තානාපති කාර්යාලය මගින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව ඊට අදාළ සියලුම ලියකියවිලි ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට යවා තිබේ. ලන්ඩන් බලා ඉකුත් 26 දා පිටත්ව ගිය අතර ඉන්පසු ඔහු ලන්ඩනයේ සිට ඇමෙරිකාව වෙත පැමිණ තිබේ.

මෙහිදී සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ අංශ වෙත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ. සිය පුරවැසිභාවය ඉවත් කරගැනීමේ කාර්යයන් නිමවූ පසු අප්‍රේල් 16 දා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

 

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here