ඉර මුදුන් වී වියළි කාලගුණය දිගටම

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බවත් ප්‍රදේශ කිහිපයකටම ඉර මුදුන් වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප‍්‍රදේශ 07කට හෙට (07) දිනයේද අහුන්ගල්ල, ගනේගොඩ, කළුබෝවිටියාන, කැටවල, වළල්ගොඩ, සූරියවැව සහ ගල්කඩුව යන ප‍්‍රදේශවලට හෙට දහවල් 12 .12ට මෙලෙස හිරු මුදුන්ව පවතිනු ඇති.

ලබන 15වනදා දක්වා ශ‍්‍රී ලංකාව ආශි‍්‍රත අක්ෂාංශවලට හිරු ඍජුවම ඉහළින් පවතින බව අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ අනූෂා වර්ණකුලසූරිය පවසයි.

කෙසේවෙතත් සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලටත් කළුතර දිස්ති‍්‍රක්කයේත් තැනින් තැන සවස 2 න් පමණ පසු වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එම වැසි පසුව අම්පාර සහ මඩකලපුව දිස්ති‍්‍රක්කවලට පැතිර යා හැකි බවද එම නිවේදනයේ සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here