ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න මෙවර : පී හැරිසන්

ඉතිහාසයේ වැඩිම වී අස්වැන්න ප්‍රමාණය මෙවර ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

ගොවි ජනතාවගේ අපල උපද්‍රව දුරු වී හොඳ වී අස්වැන්නක් මෙවර ලැබී ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.

අද පෙරවරුවේ ශ්‍රී මහ බෝ සමිඳුන් ඉදිරිපිට පැවති අලුත් සහල් මංගල්‍යයට පෙර කිරිඋතුරවා පවත්වනු ලබන චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ ජය ශ්‍රී මහ ⁣බෝ සමිදුන් අභියස පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here