Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඇ.ඩො.බි. 14ක තෙල්පිරිපහදුවක් ලංකාවට

ඇමරිකානු ඩොලර් බිලියන 14ක වටිනාකමින් යුත් අතිදැවැන්ත ආයෝජනයක් ලෙස තවත් තෙල් පිරිපහදුවක් ඉතාම නුදුරේදී ශ්‍රී ලංකාවේ පිහිටුවීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

මෙම ආයෝජනය සිදු කිරීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ සිංගප්පූරු සමාගමක් බවත් පෙරේදා දිනයේ ද එම සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වුණු බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනට ඉදිකිරීම සඳහා මුල්ගල් තබා ඇති හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුවට යාබද ඉඩම මෙම නව තෙල් පිරිපහදුව සඳහා ලබාදීමට සූදානම් බවයි ප්‍රකාශ කළේ.

මෙය පසුගියදා මුල්ගල් තැබුණු තෙල් පිරිපහදු ව්‍යාපෘතිය මෙන් තුන් ගුණයකටත් වඩා ඉහළ ආයෝජනයක් බවත් දැනට ඉදිකිරීම සඳහා මුල්ගල් තබා ඇති තෙල් පිරිපහදුවට ආයෝජනය කරන ඉන්දීය සමාගම සම්බන්ධයෙන් එල්ල වී දූෂණ චෝදනා කිසිදු ඉන්දීය අධිකරණයකින් ඔප්පු වූ ඒවා නොවන බව පැවසූ අමාත්‍යවරයා එම එකෝට් සමාගම පෞද්ගලික රෝහල් 7ක් තරු පහේ හෝටල් 6ක් සහ විදුලි බල ක්ෂේත්‍රයේ දැවැන්ත වත්කම් සහිත සමාගමක් බවත් ශ්‍රී ලංකාවේ සමස්ත බලශක්ති ඉල්ලුමට වඩා ඔවුන් විදුලිබල උත්පාදනයක් සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: