ආසියා යුරෝපා දේශපාලන සංසදය කොලඹදී ඇරඹෙයි

ආසියා යුරෝපා දේශපාලන සංසදයේ තුන්වන හමුව සහ ආසියානු දේශපාලන පක්ෂ සඳහා වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී ආරම්භ විය.

රටවල් 22 ක් නියෝජනය කරමින් නියෝජිතයින් 80කුට අධික පිරිසක් මීට එක්වුහ.මෙය ලබන 7වනදා දක්වා පැවැත්වෙයි.

මෙහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මෙහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මේවන විට අප ඉන්දීය හිමිකාරිත්වයෙන් යුත් තෙල් පිරිපහදුවක් සහ ශ්‍රී ලංකාවට හිමි සිමෙන්ති කම්හලක් මෙන්ම LNG බලාගාරයක් සඳහා මුල්ගල තබා ඇති බවය.

අපිට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කර ගැනිමට බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here