SLFP අපේක්ෂකයා මෛත්‍රීත් නෙමෙයි

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙතෙක් නිශ්චිත තීන්දුවකට පැමිණ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඇතැමුන් අපේක්ෂකත්වය පිළිබඳ විවිධ කතා සිදුකළද ඒවා සියල්ල ඔවුන්ගේ පෞද්ගලික අදහස් මිස නිල ප්‍රකාශ නොවන බව පවසන ඔහු දැනට යෝජනා වී ඇති සන්ධානය ගොඩනැගෙන අතර මැතිවරණයට ඉදිරිපත්වන්නේද එක් අපේක්ෂකයෙකු බවත් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත යන්න පිලිබදව සදහන් කරමින් මන්ත්‍රීවරයා පවසන්නේ එම ප්‍රකාශය දයාසිරි ජයසේකර නම් වූ නීතිඥවරයාගේ පෞද්ගලික මතය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකමවරයාගේ ප්‍රකාශයක් නොවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here