සී.අයි.ඩී ප්‍රශ්න කිරීමෙන් පසු රයන් වෑන් රෝයන් අද අධිකරණයට


මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් මෙරටට පැමිණීමෙන් පසු පැය 18ක ප්‍රශ්න කිරිමෙන් අනතුරුව වැලිගම පොලිසිය වෙත භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප කල විමසිමකදි සඳහන් කලේ අද ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.

ඊයේ අළුයම රයන් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙක් ඩුබායිහි සිට මෙරටට පැමිණියේය.

දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඔවුන් ගුවන් තොටුපලේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන ලදි.

මේ වන විට ඩුබායිහි දි අත්අඩංගුවට ගනු ලැබු අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් සමග සිටි පුද්ගලයින් 13 කු පිටුවහල් කර ඇති බව අප කල විමසීමේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here