SLFP නිර්පාක්ෂිකයි. UNP උඩිනම දිනන බව කියද්දී SLPP අයවැය පරාජය කිරීමේ සුදානමක

අද පැවැත්වෙන අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ට ඡන්දය ලබාදීමෙන් වැලකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන සියලු මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති අතර පක්‍ෂ තීරණයට විරුද්දව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කිහිප දෙනෙකුද අයවරයට විරුද්දව ඡන්දය දීමට තීරණය කර ඇත.

මෙවර අය-වැයට විරුද්ද නොවුණහොත් ශ්‍රීලනිප පොහොට්ටු සාකච්ඡා වලින් ඉවත් වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් දැනටමත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම අයවැය උඩින්ම ජයග්‍රහණය කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා CGS අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේය .

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා CGS අප වෙත සදහන් කළේ ඔවුන් කෙසේ හෝ අයවැය පරාජය කරන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here