Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වෙලේ සුදාට මරණ දඩුවම ස්ථිරයි

ප්‍රධාන පෙලේ මත් කුඩු ජාවාරම්කරුවකු ලෙසට සැලකෙන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාට මරණ දඩුවම අභියාචනාධිකරණය අද ස්ථිර කර ඇත.

2008 වර්ෂයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7.05 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරුට මරණ දණ්ඩණය නියම කිරීමට කොළඹ මහාධිකරණය 2015 ඔක්තොම්බර් මස 14 දා නියෝග ලබා දී තිබිණි.

වෙලේ සුදා නැමැත්තා මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද අභියාචන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබිණි.

එරෙහිව කොළඹ මහාධිකරණය ලබා දී ඇති මරණ දඩුවම නිවැරැදි බවට අභියාචනාධිකරණය අද (05) තහවුරු කරුණු ලැබූ අතර මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සහ විනිසුරු අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවන ලදී .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: