සියල්ල හෙළි කරන්න සුදානම් රයන් දියමන්ති මැණික් ගැන හෙළි කලාද?

මධුෂ් කණ්ඩායමේ හිද මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රංගන ශිල්පී රයන්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ මැණික් සම්බන්දයෙන් බව පැවසේ.

එමෙන්ම තමන් ඩුබායි වෙත ගියේ සංගීත ප්‍රසංගයට සහභාගි වීම සඳහා බවද  ඔහු ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපලේදී රහස් පොලිසිය විසින් රදවාගෙන පැය 18 ක කාලයක් ප්‍රශ්න කිරීමේදී පවසා තිබිණි.

ඉන් අනතුරුව ඔහු වැලිගම පොලිසියට භාර දෙන ලද්දේ තවත් පරීක්ෂණ කටයුත්තක් සඳහා අවශ්‍යව සිටි නිසාය. තමනට මාකඳුරේ මධූෂ් හඳුන්වා දුන්නේ ගායන ශිල්පී අමල් පෙරේරා බවත් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු හෙලි කර ඇත.

ගුවන් තොටුපළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෑන් රෝවන් කියා සිටියේ තමන්ට අසාධාරණයක් සිදු වූ බවත් පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව ඉක්මනින්ම මාධ්‍ය කැඳවා තමන් සියල්ල හෙළි කිරීමට සූදානම් බවද පවසා තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් මාකදුරේ මධූෂ් විසින් මෙහෙයවන ලද කල්ලියක් විසින් පැහැරගන්නා ලද රුපියල් බිලියන හතක් වටිනා බව කියන දියමන්තිය සහ මැණික් ගල් තොගය සම්බන්ධයෙන් මෙලෙස වැඩි සුර ඔහුගෙන් විමසා ඇති බව සී.අයි.ඩි ආරංචි මාර්ග සදහන් කරයි.

ඩුබායිහි සිට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පී රයන් වැන් රෝයන් මේ වන විට වැඩිදුර විමර්ශන සදහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

ඔහුව මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මිරිහාන පොලිසියේ විශේෂ පරීක්ෂණ ඒකකය විසින් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

ඔහු ඇතුළුව දිවයිනට පැමිණි පස් දෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක ගුවන් තොටුපොලේදීය.

අනතුරුව රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 18 ක් ප‍්‍රශ්න කල අතර මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු පිරිසෙන් මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

 

 

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here