මාවිල්ආරු අන්තිමට සටනේ තීරණ ගත් හැටි ෆොන්සේකා කියයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ වන විට තමන් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවත් මාවිල්ආරු වසා දැමීමෙන් පසුව තමන් ලංකාවට පැමිණි බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල්,

“මම ගෝඨාභයට කතා කරලා මේ ගැන ඇහුවා ඔහු කිව්වා මාවිල් ආරුවහලා කියලා. මම විනාඩි 5න් ගන්නම් කියලා ත්‍රිකුණාමලයේ අණදෙන නිලධාරීට කෝල් එකක් ගත්තා. ඊට පස්සේ මම ගෝඨාභයට ගත්තා. ඔහු කිව්වා විනාඩි දෙකෙන් කෝල් එකක් දෙන්නම් කියලා. ඔහු මහින්ද රාජපක්ෂ (එවක ජනාධිපති) කතා කරලා මට කිව්වා වැඩේ කරන්න (මුදවා ගන්න) කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here