Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මම ලජ්ජා වෙනවා.SLFP නිසා පහුගිය කාලේ වැරදුනා දැන් රට හදන්න පුළුවන්: ඉෂාක් රහුමාන්

අයවැය විවාද යන අතරතුර එක්සත් ජාතික පක්‍ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසු පරිදි තම පක්ෂයට සෙල්ලමක් දාලා පෙන්නුවා යන ප්‍රකශය තරමක උණුසුමක් දැනවිය. මේ කතාවත් සමග වත්මන් දේශපාලන සම්බන්දයෙන් CGS අපි ඔහු සමග කල සජීවී සංවාද සටහනකි මේ.

විදුලිය කප්පාදුවත් එක්ක ජල කප්පාදුවකුත් එනවාලු. චීනයට බයිනවා. ඔබලා ආණ්ඩුවේ වගකිව යුත්තන් ලෙස අපිට බල්බ් නිවලා විදුලිය පිරිමහ ගන්න කියන එක සාධාරණ නැහැ නේද ?

2015 යහපාලන ආණ්ඩුව හදලා ශ්‍රීලනිපය එජාපය බෙදාගෙන තනතුරු ගත්තා. අද ඉන්න ඇමතිට නෙමෙයි මේකේ වගකීම යන්න ඕන පහුගිය කාලේ හිටපු ඇමතිට. පහු ගිය කාලේ හිටිය ඇමති කවුද කියලා හැමෝම දන්නවා. චීනය කලත් කවුරු කලත් දැන් අපි මේවට උත්තර හොයන්න ඕන. මමත් කණගාටු වෙනවා. ලජ්ජා වෙනවා. පහුගිය කාලේ වැරදුනා දැන් මේවා නිවැරදි කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. එදා දෙගොල්ලෝ එක්ක වැඩක් කරන්න ගියාම හරි අමාරුයි. දැන් තියෙන්නේ පිරිසිදු ආණ්ඩුවක් ඒ නිසා ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන්න පුළුවන්. අපේ ඇමතිතුමා සිංහල අවුරුදු වලට විදුලිය කපන්නේ නැහැ කියලා තියෙන්නේ. ඒක ඒ විදියටම වෙයි.

ශ්‍රීලනිපය ගියාට පස්සේ එජාපය පිරිසිදු වුණානම් ඇයි නැවත ජාතික ආණ්ඩුවක් හදන්න ඔවුන්ට කතා කරන්නේ ?

මම එහෙම සාකච්චා යනවද කියන්න දන්නේ නැහැ. මම දැනුවත්ව එහෙම දෙයක් නාහේ

එතකොට නැවතත් එජාපයේ පොදු අපේක්ෂකයා වීමට ජනාධිපතිට කතා කළා කියලා මාධ්‍ය වන පල වෙන ඒවා බොරුද ?

නිශ්ශිතවම කියන්න දන්නේ නැහැ. විජිත මුනි, ෆවුසි වැනි ඇමතිවරු ඇවිල්ලා ඉන්නවා සමහර විට දෙපැත්තේ ඉන්න සාමාජිකයෝ එහෙම කතා කරනවාද  කියලා කියන්න මම දන්නේ නැහැ.. කොහොම වුණත් අපි කියන්නේ නැවත යහපාලනයක් අවොත් නම් අනාගන්නවා.

එජාපයට ශ්‍රීලනිපය නැතුව බැරිද?

අපෝ එහෙම දෙයක් නැහැ. එහෙම නැති වෙන එකෙන් දැන් තමයි හොදින් පිරිසිදුව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

දැන් එතකොට කවුද එජාප අපේක්ෂකයා?

ඒ වෙලාවේදී එළියට එයි. එක්සත් ජාතික පෙරමුණ දිනන්න අපේක්ෂකයෙක් දානවා.

හරි ඔබගේ පුද්ගලික අදහසක්වත් නැත්ද ?

කියන්න බැහැ දැන්ම. වෙලාවට කියන්නම්. කොහොමත් දිනන අපේක්ෂකයෙන් තමයි දාන්නේ.

පහුගිය දවසක පසුපෙළ එජාපෙ කණ්ඩායම සෙල්ලමක් දැම්මා කියලා ඔබ කිවුවේ ඇයි ?

අයවැයත් එක්ක එහෙම සෙල්ලමක් දැම්මට අපි අනිවාර්යෙන් අයවැය දිනන්න කටයුතු කරනවා.

දැන් ඔය අපේක්ෂකයා කලඑළි බස්සන වෙලාව කවද්ද එන්නේ ?

ඒක තමයි මේ වසරේ නතුවේ ලබන අවුරුද්දට යන්නත් පුළුවන්

ඔහොම මැතිවරණ කල් දාන්න පුළුවන් ?

නැහැ එහෙම නෙමෙයි බලන්නකෝ. ජනාධිපති නියම වෙලාට මැතිවරණය කැදවයි.තරග කරන කණ්ඩායම් වෙලාවට ඉදිරිපත් වෙයි.

එජාපය ගෝඨාට භය වෙලා නේද ?

මොන පිස්සුද. මොනාට භය වෙන්නද ? ඔහුත් සාමාන්‍ය මනුස්සයෙක්

ඔබ කොකේන් ගහනවද ?

නැහැ

එහෙනම් ඕනෑම වේලක මත්ද්‍රවය පරීක්ෂණයකට සුදානම් ?

ඔව්

කුඩුකාරයින් එල්ලා මැරිය යුතු බවට ජනාධිපති ගත් තීරණය ගැන මොකද හිතන්නේ?

ජනාධිපතිගේ මේ තීරණයට මම ගරු කරනවා.මත්ද්‍රවය විතරක් නෙමෙයි මම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනවා වැරදිකරන දේශපාලකයන් වෙනුවෙනුත් මේ විදියට දඩුවම් දෙන්න පිළිවෙලක් හදන්න කියලා. මොනාහරි වුණාම ගමේ සෝමපාලට නම් නිතිය ක්‍රියාත්මක වෙනවා. මේ ආණ්ඩුව ආවේ දඩුවම් දෙනවා හොරු අල්ලනවා කියනවා. අන්තිමට සිද්ද වුණ දෙයක් නැහැ .

ඕන කල සේවාවන් විනිවිදයිද ?

මම වියාපාරිකයෙක්. මගේ ජනතාවට ලොකු සේවයක් කල නිසයි මම එක පාරින්ම පාර්ලිමේන්තුවට ආවෙත්. පල්ලි පන්සල් කෝවිල් සියල්ලටම මම එක ලෙස සේවාවන් කරලා තියෙනවා ඒ වගේම මම පාරවල් කරන්න නම් ගන්නේ නැහැ.

ගමට සිරිකොත මිලට එන්නේ අනුරාධපුරේට ?

ඔව් අපි ගම සමග කතා කරමින් ලංකාව ලෝකයට ගෙන යා හැකි මට්ටමට දියුණු කරන්න වැඩ පිළිවෙලක් සකසමින් යනවා. ජාති ආගමවාදී නැති ගමනකින් රටට හොදක් කරන්නයි මේ යන්නේ.

 

සටහන – අශන්ති වරුණසුරිය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: