Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කියු දේ කළා නම් විදුලි අර්බුදයක් නැ: මහජන උපයෝගිතා කොමිසම

පවතින විදුලි අර්බුදය අවසන් වන නිශ්චිත කාල වකවානුවක් මෙතෙක් ප්‍රකාශ කිරීමට ඊට වගකිව යුතු කිසිදු පාර්වශයකට නොහැකි වී තිබේ. ප්‍රමාණවත් විදුලි ජනනයක් සඳහා අවශ්‍ය දීර්ඝකාලීන හා කෙටිකාලීන ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ නොවීම මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට බලපෑ ප්‍රධාන හේතුව බවට බොහෝ පාර්ශව චෝදනා කරති. එවැනි පසුබිමක් තුල මෙහි නියාමනය භාර ආයතනයක් ලෙස මහජන උපයෝගිතා කොමිසමේ ක්‍රියාකාරිත්වය ද ප්‍රශ්න කිරීමට ලක්ව ඇත. විදුලි අර්බුදයට විසදුම් සෙවීමට මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීම පිළිබඳව Colombo Gazette Sinhala වෙත අදහස් දැක්වූයේ එම කොමිසමේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතායි.

මෙවැනි විදුලි අර්බුදයක් මෙම කාල වකවානුවේ ඇතිවෙයි කියලා මහජන උපයෝගිතා කොමිසමට අවබෝධයක් තිබුනද?

මහජන උප⁣යෝගිතා⁣ කොමිෂන් සභාව නිරන්තරයෙන්ම ,පවත්නා දත්ත පදනම් කරගෙන ඉදිරියේ සිදුවන තත්ත්වයන් සමාලෝචනය කරනවා.2016 වර්ෂයේ මුල් කාලයේ අධ්‍යනය කොට සමාලෝචනය කිරිමෙන් හෙලිවුනා 2018 – 2019 කාල⁣යේදී පවත්නා ඉල්ලුම සපුරා ගන්න තරම් විදුලිය ජනනය කිරිමට අවශ්‍ය බලාගාර නොමැතිකමෙන් හිඟයක් එයි කියන එක. විදුලි ඉල්ලුම ඉහල යමින් පැවතියත් බලාගාර සෑදීම ප්‍රමාද වෙමින් පැවතියා. 2016 මාර්තු 31 වනදා මේ සම්බන්ධයෙන් නිලවශයෙන් විදුලි බල අමාත්‍යාංශයට මහජන උපයෝගිතා කොමිසම ලිඛිතව දැන්වුවා සමාලෝචනය කරපු ඒ වාර්තාවේ පිටපතක් එක්ක. ඒ වාර්තාවෙන් අපි කිව්ව බලාගාර ඉදිකිරිම ප්‍රමාද වුනොත් 2019 හා ඉන් එහාට විදුලි අර්බුදය මතුවෙයි කියලා ඊට අමතරව ආර්ථික කළමනාකරණය පිලබඳ අනු කමිටුවටත් දැනුම් දෙන්න කටයුතු කළා.
අවුරුදු 3කට කලින් මේ තත්ත්වය ඇතිවෙයි කියලා අපි අනතුරු අඟවලා තිබුනා .ඒ වගේම ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලි කරලා තිබුනා.විශේෂයෙන් ඒ වෙනකොට අනුමත සැලසුම් තිබුනා .අඩුවියදම් බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතිය අවසරය ලබා දී තිබුනා

මෙලෙස දැනුම් දිමක් කරලා තියෙද්දි මේ තත්ත්වයට මුහුණ දෙන්න රජයට සැලැස්මක් තිබුනද?

අපි ඉදිරිපත් කලා ගතහැකි ක්‍රියාමාර්ග.ප්‍රධාන වශයෙන් මේ අනුමත ජනන සැලැස්මේ අඩංගු බලාගාර කඩිනමින් ඉදිකරන එක ගැන.එහිදි ප්‍රමුඛතාව දීලා තිබුනා කෙරවලපිටිය විදුලි බලාගාරයේ ඉදිකිරීම් වලට ඒ වගේම තවත් බලාගාර ගණනාවක් සඳහා අවසරය දී තිබුනා ,ජනන සැලසුම් අනුමත කරලා තිබුනා.බලාගාර ඉදිකිරිමට කඩිනමින් ක්‍රියාමාර්ග නොගැනීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ කියන එක දැන් පැහැදිලියි.

දැන් උද්ගත වෙලා තියෙන තත්ත්වයට මහජන උපයෝගිතා කොමිසම කොහොමද මැදිහත් වෙන්නෙ?

නැවත මෙගාවොට් 100 ක හදිසි මිලදී ගැනිමක් සඳහා විදුලි බලමණ්ඩලය අවසර ඉල්ලා තිබුනා. ඒකට අපි අවශ්‍ය අනුමැතිය ලබාදුන්නා. කොමිෂන් සභාව අපේක්ෂා කරනවා මේ වෙලාවේ මහජනතාව පත්වෙලා තිබෙන හිරිහැරයට සහනයක් විදිහට මේ මිලදී ගැනීම් හරහා කඩිනමින්ම මෙගාවොට් 100ක විතර ධාරිතාවක් පද්ධතියට එකතුවෙයි කියලා.ඒ වගේම අපි කෙටිකාලීන විසඳුම් විදිහට රාජ්‍ය ආයතන සතු ජනක යන්ත්‍ර මෙගාවොට් 200ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා.මේ ජනක යන්ත්‍ර විශේෂයෙන්ම කාර්ය බහුල අවස්ථාවලදි එනම් රාත්‍රි කාලයේ පැයකට දෙකකට හාවිත කරිමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය වරයාගේ යෝජනාවකට මේ සඳහා කැබිනට් අනුමැතියද හිමිවි තිබෙනවා. මේ පිලිබඳව තීරනය විදුලිබල මණ්ඩලයට යවලා තියෙනවා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති විශේෂයෙන් සුර්ය බලාගාර ඉදිකිරිම සඳහා ප්‍රමුඛත්වය දී තිබෙනවා. මේ හරහා දිවා කාලයේ විදුලිය විසන්ධි කර ගැනීම අවම කරගැනිමට හැකිවෙනවා. මේවා කෙටිකාලීන විසදුම් ක්‍රම. ඒ වගේම දිගුකාලීන විසඳුම් ලෙස ඉදිරි වසරවලදී  එන තත්ත්වයට මුහුණ දීම සඳහා අනුමත ජනන සැලැස්ම අනුව අඩු වියදම් බලාගාර කඩිනමින් ඉදිකරන්න සිදු වෙනවා.

රජය විකල්ප විදිහට මැද පෙරදිග රටවල් වලින් විදුලි බලාගාර සහිත නෞකා දෙකක් හදිසි මිලදි ගැනිම් යටතේ ලංකාවට ගේන්න යනවා කියලා වාර්තා වනවා.මේ සඳහා අවසරයක් ගෙන තිබෙනවද?

අපිට විදුලිය ලබාදෙන්නෙ කොහෙන්ද කියන එකනම් දැනුම් දීලා නැහැ .නමුත් සාමාන්‍ය ක්‍රමය මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවලා යෝග්‍ය පහල මිල ඉදිරිපත් කරන තාක්ෂණික පිලිවිතරයන්ට අනුව කටයුතු කරන පාර්ශවයන් තෝරාගැනීමයි එය⁣ට කොමිසම අවසර දීලා තියෙනවා. මිල ගණන් තෝරාගත්තට පස්සෙ ගිවිසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. තෝරාගත්තෙ කව්ද කියන එක තවම අපි දන්නෙ නැහැ.

මේ අර්බුදය කලමනාකරනය කර ගැනිමේදි විදුලි බල මණ්ඩලය ,කොමිසම සමග නිසි සම්බන්ධීකරණයක් තිබුනෙ නැහැ කියලා චෝදනාවක් තියෙනවා ?

එහෙම අර්බුදයක් එන්න කලින් අපි මේ සම්බන්ධයෙන් දැනගෙන අවශ්‍ය තොරතුරු ,නිර්දේශ ඉදිරිපත් කලා.මේවා ක්‍රියාත්මක කිරිමේ වගකීම පැවරෙන්නෙ අමාත්‍යාංශයටයි, විදුලි බල මණ්ඩලයටයි.ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගතයුතුව තිබුනා. එතනදී අවශ්‍ය සම්බන්ධිකරණය හොඳින්ම තිබුනා. අවශ්‍ය තොරතුරු බෙදාහදා ගැනීම කෙරුනා.නමුත් මහජන උපයෝගිතා කොමිසමට බැහැ විදුලි බලාගාර හදන්න .අපිට කරන්න තියෙන්නෙ අනතුරු ඇගවීම් කරන්න ,අනුමැතිය දෙන්න,ඒ කොටස කෙරුනා. බලාගාර ඉදිකිරිමේ ප්‍රමාදය තමයි තියෙන්නෙ.

ඇත්තටම ලංකාවේ ජනතාවට කොච්චර කාලයක් අඳුරෙ ඉන්න වෙයිද මේ තත්ත්වය මත?

දැනට අපි ඉදිරිපත් කරලා තියෙන නිර්⁣දේශ යෝජනා එක්ක කඩිනමින්ම මේ තත්වයෙන් මිදෙන්න පුළුවන් කියන ,අපේක්ෂාව තියෙනවා.

සංවාදය වරුණි පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: