කරන්නාගොඩගෙන් පැය 8ක් නැවතත් ප්‍රශ්න කෙරේ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩමහතාගෙන් නවත්ත පැය 8 ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් කරන්නාගොඩ මහතා අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පසුගියදා නිකුත් කර තිබිණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් කරන්නාගොඩ මහතා දැනුවත්ව සිට ඇති බැවින් ඔහුට එරෙහිව ද කොළඹ මහාධිකරණයෙහි අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් සිව්වන දිනටත් ඊයේ (04) ප්‍රශ්න කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here