Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

උතුරු මුහුදේ මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 18 ක් අත්අඩංගුවට


නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහු‍දේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහඅටදෙනෙකු නාවික හමුදාව විසින්අ ත්අඩංගුවට ගෙන ඇත.

පේදුරුතුඩුව ප්‍රදිපාගාරයට වයඹ දෙසින් නාවික සැතපුම් 16 පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුර ඔවුන් මෙලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන්ට අයත් ධීවර යාත්‍රා (Dhow) 03 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙි.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ යාත්‍රා යාපනය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: