මධුෂ් සමග සිටි රංගන ශිල්පි රයන් වැන් රෝයන් අැතුළු සිව්දෙනෙක් දිවයිනට

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන්වෑන් රෝයන් සහ තවත් සිව් දෙනෙකු පිටුවහල් කර ඇත.

අද අළුයම ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි බව අප කල විමසීමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේය.

දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඔවුන් ගුවන් තොටුපලේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කර සිටියි.

මේ වන විට ඩුබායිහි දි අත්අඩංගුවට ගනු ලැබු අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් සමග සිටි පුද්ගලයින් 13 කු පිටුවහල් කර ඇති බව අප කල විමසීමේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here