මධුෂ් පැනලද ? විදෙස් ඇමති ඩුබායි යයි

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා සඳහා විදේශ ඇමැති තිලක් මහතා ඩුබායි බලා ගොස් බව පැවසේ.

අද දවසේ ජනප්‍රියම මර්තෘකාව වන්නේ මධුෂ් ඇතුළු කණ්ඩායමයි. මේ සිදුවීම පිලිබදව CGS අප අවධියෙන් සිටියෙමු. ඒ අනුව සී අයි ඩි ආරංචි මාර්ග ඔස්සේ සදහන් වන්නේ මේ වන විට මධුෂ්ව එරටින් පිටුවහල් කර ඇති බවත් මධුෂ් වෙනත් රටකට පැන ගොස් ඇති බවත් ආරංචි වී ඇති බවය.

මෙම තොරතුරු කෙසේ වෙතත් ඇමතිවරයා සමග විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් පිරිසක් සහ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු දඩුබායි බලා පිටත් වී ඇත. ඔවුන් ඊයේ දිනයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ බව ද පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සකසන ලද ලිපියක් එරට ජනාධිපතිවරයා වෙත ලබාදීමට විදේශ ඇමැතිවරයා විසින් භාර දී ඇති බවද කියවේ. මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් කි‍්‍රයාත්මක කරමින් සිටින බවට තොරතුරු ශී‍්‍ර ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙතලැබී තිබිණි.

ඩුබායි රාජ්‍යයේ සිටින මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගයන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වනවිට එය කි‍්‍රයාවට නංවා ඇති බව ද සදහන් වේ.

මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පුද්ගලයන් 18 දෙනෙක් පමණ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ අල් රෆා පොලිසියේ රඳවා සිටිති. ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රති විරුද්ධ පාතාල කල්ලි තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කර ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ද පසුගියදා ආරංචි විය.

මාකඳුරේ මධුෂ් කෙසේ හෝ උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාවට නොපැමිණ වෙනත් රටකට පලා යෑමටය. මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයකු වූ කංජිපානි ඉම්රාන් නමැත්තා ඩුබායි පොලිසියෙන් මුදා හැරීමෙන් පසු හොර රහසේම මාලදිවයිනට පලා යෑමට උත්සාහ කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අවධානයකින් සිටීම නිසා මෙම පාතාල නායකයා ඇතුළු සගයන් සිවු දෙනකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. කෙසේ හෝ මධුෂ්ව අත්අඩංගුවට ගෙන ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමේ කාර්යය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කිරීමට ද පොලිස්්පතිවරයා කටයුතු කර තිබිණි.

ඔහුව ඩුබායිහිදී පිටිවහල් කිරීමට නියමිතව තිබියදී පාතාල නායක මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය වෙත අභියාචනයක් ගොනු කර ඉල්ලුවේ තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි. ඔහු සිය අභියාචනයෙන් පෙන්වා දී ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ඩුබායිහිදී කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා එල්ලවී ඇති බවය. ලංකාවට පිටුවහල් කළ හොත් ඩුබායි ඇති තම සියලු වත්කම් අහිමිවන බවද ඔහු සිය අභියාචනාධිකරණයේ සඳහන් කර තිබේ.

ඩුබායි අධිකරණයන් මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය කුමක්දැයි මෙතෙක් පැහැදිලි නැති අතර මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව සඳහන් වේ.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here