Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පොලිස් නිලධාරීන්ට එල්ලවූ චෝදනා කතානායකගේ අවධානයට

මෑතකදී ඇතැම් පොලිස් නිළධාරීන් අරඹයා එල්ල වූ චෝදනාවන් පිළිබඳව දැඩි ලෙස පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කළ කථානායකවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් වැනි අපරාධයන්ට සම්බන්ධ පොලිස් නිළධාරීන් පිළිබඳව දැඩිව ක්‍රියාකිරිම තුළින් සමස්ත පොලිස් දෙපාර්තුමේන්තුවේම කීර්ති නාමය ආරක්ෂා කිරීමේ වගකීම අවධාරණය කළේය.

එමෙන්ම ස්වකීය රාජකාරියට දිවිහිමියෙන් කැපවන අවංක දක්ෂ නිළධාරින් ඇගැයීමේ වැදගත්කමද මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයා ලෙස පත්කරන ලද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිළධාරීයෙකු වු කේ.ඩබ්ලිව්.ඒකනායක කරල්ලියද්ද මහතා ද අද දින මෙම රැස්වීම සඳහා එක්විය. කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස සාවිත්‍රි විජේසේකර මහත්මිය, තිලක් කොල්ලුරේ,වයි.එල්.එම් සවාහිර්, ගාමිණි නවරත්න, අශෝක විජේතිලක සහ ජී .ජෙයකුමාර් යන මහත්වරුන් කටයුතු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධිවිධාන සලස්වා ඇති පරිදි, පොලිස්පතිවරයා හැර අනෙකුත් පොලිස් නිළධාරීන්ගේ පත්කිරීමේ, උසස් කිරිමේ, විනය පාලනය පවත්වා ගෙන යාමේ සහ සේවයෙන් පහ කිරීමේ කොමිෂන් සභාව සතු බලතල පොලිස්පතිවරයා විමසා කොමිෂන් සභාව විසින් ඉටු කරනු ලබන අතර ඇතැම් බලතල රජයේ ගැසට් පත්‍රයේ පළ කොට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිළධාරීන් වෙත ද පවරා දී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: