Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නව ඇමතිධුර 10ක්

අලුතින් ඇමතිධුර ලබා දිය යුතු 10 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සදහන් වන්නේ විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනුෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, ඩී.එම්. ස්වාමිනාදන් යන එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු දස දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙක් සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 04 දෙනෙකුව මෙසේ ඇමති ධූර සඳහා යෝජනා කර ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයා විසින් තවත් ඇමතිධූර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: