Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

උත්සව සමයට විශේෂ බස් සහ දුම්රිය සේවාවන් ඇරඹේ

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස්රථ සේවා හෙට (05) ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන රෝහණ චන්ද්‍රසිරි ප‍්‍රකාශ කළේ මෙවර අලුත් අවුරුදු ප‍්‍රවාහන සේවා අදියර 02ක් යටතේ කි‍්‍රයාත්මක කරන බවය.

ඒ අනුව හෙට සිට අපේ‍්‍රල් 12 වැනිදා දක්වා පළමු අදියර ද, අප්‍රෙල් 16 වැනිදා සිට 22 වැනිදා දක්වා දෙවන අදියර ද කි‍්‍රයාත්මක බවයි ඔහු කියා සිටියේ. එහිදී කොළඹ ප්‍රධාන බස් පර්යන්තය මෙන්ම මහරගම සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිටත් විශේෂ ගමන්වාර රාශියක් ආවරණය කිරීමට සැළසුම් කර ඇත.

එමෙන්ම සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අතිරේක දුම්රිය ගමන්වාර ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: