අරලියගහ මැදුරේ රාජකාරියේ සිටි සෙබලෙකු වෙඩි තබා ගනියි

අරලියගහ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු ආරක්ෂක මුරපොළේදි වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

අද උදෑසන 8.35ට පමණ සිය රාජකාරි ගිනි අවියෙන් මෙම සෙබලා වෙඩිතබාගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප කල විමසීමකදි සඳහන් කලේය.

වෙඩි තබා ගැනීමෙන් සියදිවි හානිකරගෙන ඇත්තේ ඇත්තේ වයස  අවුරුදු 30 ක් වු වරකාපොළ පොලිස් වසමේ, ගොඩයාකන්ද, කන්දගම, අල්ගම යන ලිපිනයේ පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් පොලිස් කොස්තාපල්වරයෙකි .

මේ වන විට මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති බවද වාර්තා වෙයි.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙය සිදු කරන්නට ඇති බවට සැක පලකරන බව පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here